Miss Tourism World 2022 ගෝලීය තරඟාවලිය මෙවර ශ්රී ලංකාවේදී
මිස් ටුවරිසම් වර්ල්ඩ් විස්සයි විසි දෙක ගෝලීය තරගාවලිය මෙවර ශ්රී ලංකාවේදී පැවැත්වෙනවා.
රටවල් 80 ක ජයග්‍රාහී සුරුපිනියන් 80 දෙනෙකු ඊට එක් වනවා.
මිස් ටුවරිසම් වර්ල්ඩ් විස්සයි විසි දෙක ගෝලීය තරගාවලිය පිළිබද මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මිස් ටුවරිසම් වර්ල්ඩ්හි තරගාවලියේ ගෝලීය අධ්‍යක්ෂ ඩේවිඩ් සින්, ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ මලිත් රණසිංහ යන මහත්වරුන් සහ 2022 මිස් ටුවරිසම් වර්ල්ඩ් ස්පාඤ්ඤ ජයග්‍රාහිකාව වන මාරියා ඩෙල්කාමන් මහත්මිය ද ඊට එක්ව සිටියා.
මිස් ටුවරිසම් වර්ල්ඩ් තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඉමහත් පිටිවහලක් වන බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.
The post Miss Tourism World 2022 ගෝලීය තරඟාවලිය මෙවර ශ්රී ලංකාවේදී appeared first on ITN News.