ලෝකප්රකට චෙස් ක්රීඩක හෑන්ස් ප්රතිවාදී ක්රීඩකයාගෙන් වන්දියක් ඉල්ලයි
තම ප්‍රතිවාදියා වංචා කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා ලෝකප්‍රකට චෙස් ක්රීඩක හෑන්ස් නීමන් නඩු පවරා තිබෙනවා.
මැග්නස් කාල්සන් නැමැති චෙස් ක්‍රීඩකයාට එරෙහිවයි මෙලෙස නඩු පවරා ඇත්තේ. චෙස් ඩොට් කොම් නැමැති වෙබ් අඩවියට එරෙහිව ද නීමන් නඩු පවරා තිබෙනවා. මෙම සිද්ධියේදී තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි ඔහු සදහන් කරන්නේ.
කෙසේ වෙතත් චෙස් ඩොට් කොම් වෙබ් අඩවියේ නීතිඥයන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.නඩු පැවරීමට ලක් වූ කාල්සන් ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම චෙස් ක්‍රීඩකයා ලෙස සැලකෙනවා.
The post ලෝකප්රකට චෙස් ක්රීඩක හෑන්ස් ප්රතිවාදී ක්රීඩකයාගෙන් වන්දියක් ඉල්ලයි appeared first on ITN News.