රාජ්ය දැව සංස්ථාවට රු. කෝටි 373ක ආදායමක්
රාජ්‍ය දැව සංස්ථාව මේ වසරේ ගත වු මාස නවය තුළ රුපියල් කෝටි තුන්සිය හැත්තෑතුනක ආදායමක් උපයා ඇති බව කෘෂිකර්ම වනජිවී හා වන සම්පත් අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට විදේශ රටවලින් දැවමය ගෘහ භාණ්ඩ මෙරටට ගෙන්වීම රජය නතර කර තිබෙනවා. උසස් ප්‍රමිතියෙන් යුතු දැව නිෂ්පාදන සහ දැව නිත්‍යානුකූලව සපයන එකම රාජ්‍ය ආයතනය රාජ්‍ය දැව සංස්ථාවයි. මේ වසර අවසන් වන විට තවත් රුපියල් මිලියන දෙසිපනහකින් ආදායම ඉහළ නංවා ගැනීම එම සංස්ථාවේ අපේක්ෂාවයි. සංස්ථාව සතුව කළුවර දැව මේට්‍රික් ටොන් පන්සියකට අදික තොගයක් පවතිනවා. ඒවා මිශ්‍ර කර ජාත්‍යන්තර වෙළද පොළ සදහා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ලෙස උපදෙස් ලබා දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. ඒ සූම් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර සමුළුවකට එක් වෙමින්.
The post රාජ්ය දැව සංස්ථාවට රු. කෝටි 373ක ආදායමක් appeared first on ITN News.