තිහගොඩදී පාසල් සිසුවෙකුට පොලීසියෙන් වෙඩි
මාතර තිහගොඩ නියිම්බල කන්දේපොල මාර්ගයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී තිහගොඩ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ පිස්තෝලය ක්‍රියාත්ම වීමෙන් එම ත්‍රි රෝද රථයේ ගමන් කළ දරුවෙකුගේ හිසට බරපතල තුවාල සිදුවුණා.
වයස අවුරුදු 14ක දරුවෙකු මෙසේ බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු මිතුරන් කිහිප දෙනෙකු සමග එක්ව ප්‍ර දේශයේ විහාරස්ථානයක පැවැත්වෙන පෙරහැරක කාවඩි නැටීම සදහා මොනර පිහාටු සෙවීමට ගොස් සිටියදී මෙලෙස වෙඩි වැදී ඇති බවයි දරුවාගේ මව ප්‍රකාශ කරන්නේ. මෙම ත්‍රී රෝද රථය මාර්ගය පුරා ධාවනය කරන ආකාරය දුටු තිහගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එය නතර කරන ලෙසට අණකර තිබෙනවා.
එම අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරියා සිය ගිනි අවිය එල්ලකොට ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමට යාමේදී යළි ත්‍රී රෝද රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා. පසුව එය වළක වැටී නතරවීමත් සමග පොලිස් නිලධාරීන් යළි එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමට යාමේදී මෙසේ රාජකාරී ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවා තුවාල ලැබුවා.
ගම්වාසීන් තිහගොඩ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබද කරුණු විමසීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. තුවාල ලැබූ දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධියට මුල්වූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කොට ඇති අතර ඔහු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
The post තිහගොඩදී පාසල් සිසුවෙකුට පොලීසියෙන් වෙඩි appeared first on ITN News.