වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි සම්බන්ධයෙන් ත්රස්ත විමර්ශනයේ ක්රියාකලාපය නීතියට පටහැනියි!
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ක්‍රියාකලාපය නීතිමය සීමාවන් උල්ලංඝනය කරන බවට ඔවුන් වෙනුවෙන් නීතිඥවරු අධිකරණයට කරුනු ඉදිරිපත් කළහ.
මෙම ශිෂ්‍ය නායකයන් දෙදෙනා සම්බන්ධ අධිකරණයට කරුනු වාර්තා නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අද(28) දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබිණි.
ත්‍රස්ත විමර්ශන ඒකකය නියෝජනය කරමින් තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත සහ පොලිස් කොස්තාපල් අනුරසිරි තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර ඉදිරියේ පෙනී සිටියහ. ඒ අවස්ථාවේදී වසන්ත සහ සිරිධම්ම හිමි වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ ඉනේකා හෙන්දාවිතාරණ සහ නීතිඥ හංසක චන්ද්‍රසිංහ සමඟ ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටිගේ මහතා පෙනී සිටිමින් දීර්ඝ කරුණු දැක්වීමක් කළහ. ශිෂ්‍ය නායකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හේතු වූ චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වූ බව මෙහිදී ප්‍රකාශ විය. විමර්ශනයේදී අනාවරණය වූ කාරණා අධිකරණයට කරුණු වාර්තා කර නැත්තේ එවැනි කරුනු සනාථ කරගන්නට පොලිසිය අසමත්වීම නිසාය. තංගල්ලේ රඳවා තබාගන්නා බව කියමින් මෙම ශිෂ්‍ය නායකයන් කොළඹ රඳවා තබාගෙන සිටින බව ද, අධිකරණයේ අවසරයක් නැතිව වෙනත් ස්ථානවලට ගෙන ගොස් රඳවා තබා ගැනීම නීතියේ සීමාවන් ඉක්මවා යාමක් බවද නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අඩංගු විය. මේ වනවිට සිරිධම්ම හිමි දැඩි ලෙස අසනීප වී සිටින බව හෝ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව අධිකරණයට කරුණු වාර්තා කර නැති බවද නීතිඥවරයා කීවේය.
වින්දිතයන් සම්බන්ධ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කළේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නැවත තංගල්ලට රැගෙන ඒමේ පරමාර්ථය ඇතිව විමර්ශන කටයුතු වෙනුවෙන් කොළඹ රැගෙන ගිය බවකි. කෙසේවුවද ඔවුන් නැවත නියමිත ආකාරයට තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ඒමට නොහැකි වූයේ රජයේ වියදම් කප්පාදුව නිසා බවත් ය. කෙසේවුවද ඉදිරියේදී සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවත්, සිරිධම්ම හිමි අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසය කියා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ත්‍රස්ත මර්දන කොට්ඨාසයට නියෝග කළේ වසන්ත සහ සිරිධම්ම හිමි බැලීමට යෑම ඇතුළු ත්‍රස්ත පනතේ කාර්යයන් සඳහා කොළඹ අංක 08 මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කරන ලෙසත්, ලබන සිකුරාදා (04) එහි ප්‍රගතිය සහ සාක්කි සම්පිණ්ඩන වාර්තා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.
The post වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි සම්බන්ධයෙන් ත්රස්ත විමර්ශනයේ ක්රියාකලාපය නීතියට පටහැනියි! appeared first on Lanka Views | Views of the truth.