දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි නඩු විභාගය ඇරඹේ
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ආරම්භ වුණා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව කිහිපයක් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. පුද්ගලයෙකු මාසික ආදායම් බඳු ගෙවීමේ ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට ලක්ෂය දක්වා අඩු කිරීම ඇතුලු මෙම පනත් කෙටුම්පත වගන්ති කිහිපයක් තුලින් මුලික අයිතිවාසිකම් උල්ලංගනයක් සිදුවන බවයි පෙත්සම්කරුවන් පවසන්නේ. එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
The post දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි නඩු විභාගය ඇරඹේ appeared first on ITN News.