ජානකී සිරිවර්ධන රක්ෂිත බන්ධනාගාරයට
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ජානකී සිරිවර්ධන ක්‍රිෂ් කාල්ටන් සමාගමේ විධායක අධ්‍යක්ෂවරියක වනවා. ඇය කොළඹ කොටුවේ පිහිටි අදාළ සමාගමේ කාර්යාලයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගැනුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ජානකී සිරිවර්ධන අලුත්කඩේ අංක තුන අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
The post ජානකී සිරිවර්ධන රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.