මෙවර අයවැය රට හදන මූලික ලියවිල්ලයි

- itnnews.lk

ජනප්‍රිය යෝජනා නැතත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

සහනාධාර, යැපුම් මානසිකත්වය වෙනස් කිරීමට අවශ්‍ය ශක්තිය වත්මන් රජය විසින් ලබා දී ඇති අතර ඩිජිටල්කරණයට වැඩි අවධානයක් යොමු කරමින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටී ඇති විටෙක රට ගොඩ නැඟීම උදෙසා ඉදිරිපත් කළ අයවැයක් වන බවත්, අයවැයකටත් එහා ගිය 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිලිවෙලක් බවත් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

2023 අයවැය පිළිබද දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අයවැය තුළින් සමාජ ආරක්ෂණයක් ලෙස අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරනවා මෙන්ම තරුණයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, සඳහන් කළ ඒ මහතා සම්ප්‍රදායිකව අයවැයකින් බලාපොරොත්තු වන සමෘද්ධිය වැඩි කිරීම, පාන් මිල අඩු කිරීම වැනි ජනප්‍රිය දේශපාලන තීන්දු නැති, තරුණයා ඉලක්ක කරගත්, සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීමේ මූලික වැඩපිළිවෙල මෙය වන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

ඒ අනුව, 2048 දී රට සංවර්ධිත රටක් බවට පත්වනු දැකීමට කැමැති සියලුම මහජන මන්තීවරුන්ට මෙම වැඩපිළිවෙලට එක්වන්නැයි හෙතෙම යෝජනා කරන ලදුව සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මේ අයවැය මගින් හදුන්වා දීමට කටයුතු කරන බවත් පැවසීය.

මේ අයවැයේ දී ද තවත් මුදල් අච්චු ගසා පෙර පරිදි ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට, ලෝකයෙන් ණයට අරගෙන වැටුප් වැඩි කිරීමට හැකි නමුත් එලෙස පෙර කළ වැරදි වත්මන් රජය විසින් තේරුම් ගෙන තිබෙන බැවින් එම වැරැද්දම නැවත සිදු කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත්, එහෙත් පෙර පරිදි ජනප්‍රියවාදී තීන්දු තීරණ ගෙන නොමැති නිසා විපක්ෂයේ දේශපාලඥයින්ට මෙවර අයවැය ලේඛනය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන බවත්, ඒ නිසා ඔවුන් විසින් මේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ගැන නොව සාම්ප්‍රදායික දේශපාලනය කිරීමට උත්සහ කරමින් සිටින බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහි දී පැවසීය.

ඒ අනුව, මේ අයවැය තේරුම් ගැනීමට විපක්ෂය කටයුතු කළ යුතු වන අතර තාවකාලික අල්ලස් දීලා මේ රට ගොඩ ගන්න බැරි බව දශක ගණනාවක අත්දැකීම් සමග අවබෝධ කරගෙන ඇති හෙයින් දේශපාලනික වශයෙන් අවාසිදායක වුවත් එකී තීන්දු බය නැතිව ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන නිසා පටු දේශපාලනය වෙනුවෙන් සංදර්ශනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවත්, වත්මන් රජය ගනු ලබන්නේ ජනප්‍රියවාදී තීන්දු නොව ජනතාවාදී තීන්දු පමණක් බවත්, මෙම අයවැය තුළ සඟවා කතා කළ යුතු දෙයක් නොමැති බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

The post මෙවර අයවැය රට හදන මූලික ලියවිල්ලයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Public Security Minister Tiran Alles has instructed IGP Deshabandu Tennakoon to direct the Criminal Investigation Department (CID) to investigate into the alleged threats SJB MP Dr. Harsha de Silva has received.

- adaderana.lk

As the crescent moon for the month of Dhul Hijjah (Hajj) has been sighted, Muslims in Sri Lanka will celebrate the Hajj festival (Eid-Ul- Adha) on 17 June 2024, the Colombo Grand Mosque announced today.

- adaderana.lk

Sri Lanka s official reserve assets has recorded a marginal drop by 0.9% to USD 5.42 billion in May 2024 compared to USD 5.47 billion in April 2024, according to the Central Bank of Sri Lanka (CBSL).

- adaderana.lk

The Parliament of Sri Lanka has passed the Public Debt Management Bill today (June 07), State Minister of Finance Shehan Semasinghe said.

- adaderana.lk

The Locomotive Operating Engineers Union of Sri Lanka Railways says that the strike action launched from midnight yesterday (06) will continue further.

- adaderana.lk

The pitches used in the T20 World Cup matches played in New York have not been up to standard and ground staff are working on remedying them for the rest of the tournament, the International Cricket Council (ICC) said on Thursday.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc