How can Sri Lankan charities find international donors and partners?

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බව ජනපති පවසයි

- itnnews.lk

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බවත් 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙමගින් හැකියාව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වවුනියාව නගර ශාලාවේ අද (19) පැවති දිස්ත්‍රික්  සංවර්ධන  ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ වවුනියාව, මන්නාරම සහ මුලතිව්  දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරෙන බව අපට පැහැදිලියි. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම නිලධාරීන් සිව් දෙනෙක් ආහාර සුරක්ෂිතතා වැඩසටහන සඳහා පත්කර තිබෙනවා.

ඉන්දියානු ආධාර යටතේ දියර කිරි කර්මාන්තය උතුරු පළාත තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.  විශේෂයෙන්ම මේ අවස්ථාවට ඔබ කැඳෙව්වේ රටේ පවතින ආහාර හිඟය පිළිබඳවත් දැනුවත් කර ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.  ඉදිරියේදීරටේ ආහාර හිඟයක් ඇතිවීම පාලනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 2023 අවසානය දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඉන් ඉදිරියට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පසුව අප සලකා බලනවා. ගෝලීය ආහාර හිඟයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීමට මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන වැදගත්වන බව කිවයුතුයි. අප්‍රිකාවේ මේ වන විටත් ආහාර හිඟය දැවැන්ත ලෙස බලපා තිබෙනවා.

අපි සාර්ථක මහ කන්නයක් ලබාගෙන  තිබෙනවා. අනෙක් බෝගවලත්  එවැනි  ඵලදාවක් ලැබුණොත් ආහාර හිගයට පහසුවෙන් මුහුණ දිය හැකියි. මීට අමතරව තව කාරණා දෙකක් තියෙනවා. එකක් මන්දපෝෂණය පාලනය කිරීම, අනෙක ලැබෙන අස්වැන්න ආරක්ෂා කිරීම. අස්වැන්න නෙළන අවස්ථාවේදී නාස්තිය අවම කර ගැනීමට අප පියවර ගතයුතුයි. එමෙන්ම ඒවා ගබඩා කිරීමට සහ පාරිභෝගිකයන්ට සැපයීමේ  ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. එහිදී වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට විශාල වගකීමක් තිබෙනවා. තිබෙන අතිරික්ත  ආහාර  සුරක්ෂිත කිරීමට අප කටයුතු කළ යුතුයි.

ඒ වගේම මෙම දිස්ත්‍රික්කවල අධ්‍යාපන, සෞඛ්‍ය පිළිබඳ ගැටලු කිහිපයක් මෙම සාකච්ඡාවලදි අනාවරණය වුණා. ඒවාට කඩිනමින් විසඳුම් ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා.  ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමඟකටයුතු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එමඟින් ආර්ථිකයට විශාල වර්ධනයක් ඇති කිරීමට අපට හැකියාව ලැබෙනවා. අපනයන ආර්ථිකයේ පුළුල් වෙනසක් සිදු කර,  විශාල ලෙස ඩොලර් උපයන ආර්ථිකයකට අපි යා යුතුයි.

ඒ පිළිබඳ වැඩසටහන 2023 අයවැයෙන් මා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී උතුරටත් විශාල වැඩ කොටසක් තිබෙනවා. යාපනයට විතරක් නොවෙයි. වන්නියටත් එහි වගකීමක් තිබෙන බව සිහිපත් කරන්න කැමතියි.

අපට අලුත් බලශක්ති ආර්ථිකයක් අවශ්‍යයි.  එහි ප්‍රධාන කලාපය වෙන්නේ උතුරු පළාතයි. අපට විදේශ විනිමය විශාල වශයෙන් එමගින් ලබා ගත හැකියි .  මැදපෙරදිගට හා සිංගප්පූරුවට ආහාර අපනයනය කිරීම මගින් ආදායම් ඉපයීමට අවස්ථාව තිබෙනවා.  අලුත් බෝග වගා කිරීම සඳහා අප අවස්ථාව ලබා දෙනවා. කුරුදු වැනි බෝග වගා කිරීමට අවස්ථාව තිබෙනවා .

සත්ව පාලනය සඳහා වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. එවැනි වැඩසටහන් ගණනාවක් තිබෙනවා. 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැලැස්මක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ කාරණාවේදි වන්නියට විශාල වගකීමක් පැවරී තිබෙන බව කියන්න කැමතියි.

වව්නියාව ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බවට පත් කරන්න තිබෙන හැකියාව පිළිබඳව අප මේ වන විට සොයා බලමින් සිටිනවා.  මේ සියලු දේ සිදුකිරීමට ඔබ සැමගේ සහාය මම  බලාපොරොත්තු වෙනවා.

වවුනියාව දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද  ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්  ජනාධිපතිවරයා  මෙහිදී විමසීමක් කළේය.

ධීවර අමාත්‍ය  ඩග්ලස් දේවානන්දා,නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය  තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්, කුලසිංහ තිලීබන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

 

 

The post පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බව ජනපති පවසයි appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc