කොළොම්බියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටිමෙන් 8 දෙනෙකු ජිවිතක්ෂයට
කොළොම්බියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටිමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
කොළොම්බියාවේ දෙවන විශාලතම නගරය වන මෙඩෙලින් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකටයි මෙම සැහැල්ලු ගුවන් යානය කඩා වැටී ඇත්තේ. යානයේ ගමන් කළ සියලු මගීන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට ගුවන්තොටුපළ අධිකාරිය නිවේදනය කරනවා. යානය කඩා වැටීමට පෙර එංජිමේ යාන්ත්‍රික දෝෂයක් සම්බන්ධයෙන් ගුවන්තොටුපළට දැනුම් දී ඇති බවයි වාර්ථා වන්නේ. යානය කඩා වැටුණු නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට තුවාලයක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
The post කොළොම්බියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටිමෙන් 8 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.