ලිට්රෝ ගෑස් මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්රෝ ගෑස් මිළ ඉහළ නංවා තිබෙනවා. මිළ සූත්‍රයට අනුව මෙම මිළ වැඩිකිරීම සිදු කළ බව ලිට්රෝ සමාගම පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළ මිළ සංශෝධනයන් මෙසේයි. ඒ අනුව රුපියල් 4360ක්ව පැවති කිලෝ ග්‍රැම් 12.5 ගෘහස්ථ ලිටිරෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 250කින් ඉහළ නංවා තිබෙනවා. එහි නව මිළ රුපියල් 4610ක්. කිලෝ ග්‍රැම් 5 ගෑස් සිලින්ඩරයක මිළ ඉහළ නංවා ඇත්තේ රුපියල් 100කින්. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිළ 1750 සිට 1850 දක්වා ඉහළ යනවා. රුපියල් 815ක්ව තිබු කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 45කින් ඉහළ යන අතර එහි නව මිළ 860ක්.
උත්සව සමයේ හා ශිත සෘතුවේ ගෑස් ඉල්ලුම වැඩිවීම සහ රුසියා යුක්රේන අර්බුධය හේතුවෙන් යුරෝපා වෙළදපොලේ ගෑස් ඉල්ලුම වැඩිවීම මත ජාත්‍යන්තර එල්පිජි ගෑස් මිළ ඉහළ ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ආයතනය ආරක්ෂා කර ගැනීම සදහා අවම මිළ වැඩිවීමක් සිදුකළ බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
The post ලිට්රෝ ගෑස් මිල ඉහළට appeared first on ITN News.