පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගය දින 4ක් වසයි
පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පිහිටි කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන 15 සිට තාවකාලිකව වසා දමන බව දුම්රිය මූලස්ථානය පවසනවා.
දෙසැම්බර් මස 15 වන දා උදෑසන 7 සිට දෙසැම්බර් මස 18 වන දා සවස 6.30 දක්වා අදාළ හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.
The post පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගය දින 4ක් වසයි appeared first on ITN News.