උමා ඔය ව්යාපෘතිය සමඟ ඉදිවන ජලවිදුලි බලාගාරය ජූනි මාසයේ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම්
උමා ඔය ව්‍යාපෘතිය සමග ඉදිවන ජලවිදුලි බලාගාරයේ කටයුතු ලබන අප්‍රේල් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමට එකගත්වය පල වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
උමාඔය ව්‍යාපෘතිය සමග මෙගාවොට් 120 ක නව ජල විදුලි බලාගාරයක් ඉදිකෙරෙනවා. ඉරාන රජයේ ෆරාබ් ඉදිකිරීම් සහ ඉංජිනේරු ආයතනය මෙම සංවර්ධන කටයුතු සිදු කරනවා. එම සමාගමේ නියෝජිතයන් සහ අමාත්‍යවරයා අතර අද උදෑසන සාකච්ඡාවක් පැවති අතර විදුලි බලාගාරයේ ඉදිකිරීම් ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට එහිදී අදාළ සමාගම එකඟත්වය පල කර තිබෙනවා. ලබන ජුනි මාසයේ සිට සම්පූර්ණ ධාරිතාවෙන් විදුලිය ජනනය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමටද එම සමාගම එකග වූ බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
.
The post උමා ඔය ව්යාපෘතිය සමඟ ඉදිවන ජලවිදුලි බලාගාරය ජූනි මාසයේ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් appeared first on ITN News.