වැඩි මිලට බිත්තර අලෙවි කරන්න එපා
උත්සව සමයේදී බිත්තරයක් රුපියල් 55 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කරන ලෙස කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සිල්ලර වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටිනවා.
රුපියල් 55 ඉක්මවා අධික මිලකට බිත්තර අලෙවි කර පාරිභෝගික ජනතාව අපහසුතාවට ලක් නොකළ යුතු බවයි සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ. රුපියල් 55 ඉක්ම වූ මුදලකට බිත්තර මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා.
බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමත් සමග රුපියල් පනහට අලෙවි වූ බිත්තරයක මිල නැවත ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 46 ක මුදලක් වැය වන බවයි.
The post වැඩි මිලට බිත්තර අලෙවි කරන්න එපා appeared first on ITN News.