“සුදු මැස්සා” මර්දනයට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්රධානත්වයෙන්

- itnnews.lk

පොල් වගාවට හානි කරන සුදු මැස්සා මර්දනයට ගතයුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල  සුදු මැස්සා කෘමි උවදුර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සුදුමැස්සා මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබදව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා ප්‍රජා කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. කෘමි උවදුර පිළිබද පොල්වගාකරුවන් දැනුවත් කිරීමට වැඩසටහන් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතනවල මෙහෙයවීමෙන්. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමු කළා. දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයන්හි දායක්ත්වය විධිමත්ව ලබාගැනීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු කළා. කාලගුණික වෙනස්කම් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රැගෙන ආ පොල්පැල වගා කිරීම. පරපෝෂිතයින් එකවර අඩුවී යාම වැනි හේතු සුදුමැස්සා උවදුර ව්‍යාප්ත වීමට බලපා ඇති බව නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා. උවදුර මර්දනයට ගෙන ඇති පියවර ප්‍රා යෝගිකව ක්‍රියාත්මක කිරීමේදි නිලධාරීන්ගේ හිගය ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය නිලධාරීන් දක්වා සියලු දෙනා මිට දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් සකසන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සුදු මැස්සා කෘමි උවදුරෙන් හානි වූ වගාව පිළිබද නිවැරදි තොරතුරු රැස් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා උවදුර මර්දනය කිරීමට මෙම විෂය සම්බන්ධයෙන් කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමටද උපදෙස් ලබාදීමටයි කටයුතු කෙරුණේ. තත්ත්වය පාලන කිරීමට හා මර්දනය කිරීමට පරපෝෂිතයින් වගා කිරීම අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වැනි කඩිනම් විසදුම්වලට යොමුවන ලෙසද ජනාධිපති ලේකම්වරයා තවදුරටත් උපදෙස් දුන්නා.

 

 

The post “සුදු මැස්සා” මර්දනයට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Power and Energy Minister Kanchana Wijesekara says that the government has agreed to accept all the amendments proposed by the Supreme Court to the Sri Lanka Electricity Bill .

- adaderana.lk

Prime Minister Dinesh Gunawardena says that the government has planned to establish ten botanical gardens based on the climate zones in the country.

- adaderana.lk

Sri Lanka Cricket (SLC) today announced that Sequoia Consultants, Inc., a leading civil engineering consulting firm based in Los Angeles, California, has come forward to take over the future of the LPL team, Dambulla.

- news.lk

United Petroleum Lanka Pvt Ltd has entered into a contract on June 4th 2024 with Board of Investment of Sri Lanka (BOI) as part of the agreement signed in between Ministry of Power & Energy to supply Petroleum products in Sri Lankan Market.

- colombotelegraph.com

[…]The post ‘Risk’ And ‘Fear’ appeared first on Colombo Telegraph.

- adaderana.lk

A key ally of Indian Prime Minister Narendra Modi pledged support to him on Wednesday and was set to attend a meeting to discuss forming a coalition government, boosting Modi s chances of a record-equalling third term in office.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc