බිත්තර රුපියල් 55ට විකුණන්න එකඟ වෙයි
ජනතාවට රුපියල් පනස්පහක මිළට බිත්තර ලබාදීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාව පළ කර තිබෙනවා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදියි.
වෙළදපොලේ මේ වන විට බිත්තරයක් අලෙවි වන්නේ රු. 60 / 70 අතර මිළකටයි. පාරිභෝගික ජනතාවට අවම මිළක් යටතේ බිත්තර ලබාදීමට ගතයුතු පියවර පිළිබද සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් අද පැවැත්වුණා. කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුලු සංගම් කිහිපයක් ඊට සහභාගී වුණා.
සාධාරණ මිළකට බිත්තර ලබා නොදුනහොත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.
The post බිත්තර රුපියල් 55ට විකුණන්න එකඟ වෙයි appeared first on ITN News.