රුසියානු “රෙඩ් වින්ග්ස්” මත්තලට පියාඹයි
රුසියානු කලාපීය ගුවන් සේවයක් වන රෙඩ් වින්ග්ස් එයාර්ලයින්ස් (Red Wings), 2022 දෙසැම්බර් 28වැනිදා සිට සතියට දෙවරක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළ වෙත වරලත් ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව මොස්කව්හි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වන විටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර රෙඩ් වින්ග්ස් එයාර්ලයින්ස් එලෙස එකතු වන තුන්වන රුසියානු ගුවන් සේවයයි.
ගුවන් සමාගමේ වාණිජ අධ්‍යක්ෂ I. V. Tretiakov ට අනුව ශ්‍රි ලංකාව වෙත ගමන් කිරීමට නියමිත පළමු ගුවන් යානයේ මගී ආසන සියල්ලම මේ වනවිට වෙන්කර අවසන් වී තිබෙනවා.
රෙඩ් වින්ග්ස් (Red Wings) එයාර්ලයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන හොඳම රුසියානු සංචාරක ක්‍රියාකරුවන් විසින් එයට සහාය දක්වයි.
ඉදිරියේදී රෙඩ් වින්ග්ස් එයාර්ලයින් ගුවන් ගමන් සංඛ්‍යාවේ ස්ථාවර වැඩිවීමක් සමඟ නිතිපතා ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
The post රුසියානු “රෙඩ් වින්ග්ස්” මත්තලට පියාඹයි appeared first on ITN News.