පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට
පොල් මිල ඉහළයාමත් සමග අත්තනගල්ල ප්‍රදේශයේ පොල්ගෙඩි 700 ක් සොරකම් කළ කල්ලියක් නිට්ටඹුව පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මෙම සැකකරුවන් අත්තනලගල්ල උණගහදෙනිය ප්‍රදේශයේ මහාපරිමාන පොල්වත්තකින් පොල්ගෙඩි 700 ක් සොරකම් කර තිබෙනවා. තවත් මෙවැනි පොල්වතු කිහිපයකින් මොවුන් පොල් සොරකම් කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වුණේ.
සැකකරුවන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.සොරකම් කළ පොල් ගෙඩියක් රුපියල් 70 කට පමණ අලෙවි කර තිබෙනවා.මෙම සැකකරුවන් නිවාසවලින් රූපවාහිනී යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් සොරකම් කර ගෙන ඇති බවද හෙළි වුණා.
The post පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට appeared first on ITN News.