ලැව් ගිණි හේතුවෙන් ඕස්ට්රේලියාවේ 2400කට වැඩි සංඛ්යාවක් මිය යයි
2030 වසර වන විට ඕස්ට්‍රේලියාවේ ලැවු ගිණි හේතුවෙන් පුද්ගලයින් 2400කට වැඩි සංඛ්‍යාවක් මියයනු ඇති බවට විශේෂඥයින් අනාවැකි පල කරනවා.
ගිණි ගැනීම් හේතුවෙන් සිදුවු මරණ හා ආබාදයන්ට වැයවන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 110ක් පමණ වනු ඇති බවට ද ගණන් බලා තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සදහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
එසේ නොවුනහොත් එය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍රයන්ට අහිත කර ලෙස බලපෑමක් එල්ල කළ හැකි බවට ද ඔවුන් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් 2021 වසරේදි සමීක්ෂණයක් ආරම්භ කළ අතර එය 2030 දක්වා ක්‍රියාත්මකයි.
සමස්ත ඕස්ට්‍රේලියා ජන ගහණය ආවරණය වනව පරිදි එය සිදු කිරීම විශේෂත්වයක්.
The post ලැව් ගිණි හේතුවෙන් ඕස්ට්රේලියාවේ 2400කට වැඩි සංඛ්යාවක් මිය යයි appeared first on ITN News.