ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කලක් තිස්සේ ගෙවත්තේ ගංජා වගා කර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පල්ලේවෙල පොලිසිය සමත්වුණා.
මෙම පුද්ගලයා ගෙවත්තේ වගා කළ ගංජා තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කළ බවයි අනාවරණය වී ඇත්තේ. පොලිසිය සිදුකළ වැටලීමේදි පැකට් කළ ගංජා තොගයක් ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. අත්අඩංගුවට ගත් ගංජා තොගය විනාශ කිරීමටයි පොලිසිය කටයුතු කළේ. සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.