පාසල්වල සැරයන් හා කෝප්රල් නිලයේ ශිෂ්ය භටයින් සඳහා පුහුණු කඳවුර මේ දිනවල
පාසල්වල සැරයන් හා කෝප්රල් නිලයේ ශිෂ්ය භටයින් සදහා පුහුණු කදවුර මේ දිනවල පැවැත්වෙනවා.
රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍ය භට බළකායේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන පළමු පුහුණු කදවුරට ශිෂ්‍යභට බාලක හා බාලිකාවියන් එක්දහස් විසි හතර දෙනෙකු සහභාගී වී සිටිනවා.
පළාත් හතරක් නියෝජනය කරමින් බලඇණි 16ක පිරිසකුයි මෙසේ පුහුණුවීම්වලට එක්ව සිටින්නේ. මෙම වසරේ ඇගයීම් කදවුරුවලට සහභාගී වීමට නියමිත පාසල් වල ශිෂ්‍ය භට බාලක බාලිකාවියන් අදාල පුහුණුවීම් සදහා සහභාගී වනවා.
න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී මෙම පිරිසට ලබා දෙනවා.
The post පාසල්වල සැරයන් හා කෝප්රල් නිලයේ ශිෂ්ය භටයින් සඳහා පුහුණු කඳවුර මේ දිනවල appeared first on ITN News.