ප්රවීණ නාට්යවේදී කේ බී හේරත් මහතාගේ අවසන් කටයුතු ලබන 01 වනදා
ප්‍රවීණ නාට්‍යවේදී, පිටපත් රචක අභාවප්‍රාප්ත කේ බී හේරත් මහතාගේ අවසන් කටයුතු ලබන 01 වනදා බොරැල්ල කනත්තේදි සිදු කිරීමට නියමිතයි.
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබූ කේ.බී. හේරත් මහතා පාසල් අවදියේ සිටම වේදිකාවට යොමු වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව දෙලොවක් අතර නමින් වූ නාට්‍ය නිර්මාණය කරමින් ඔහු නාට්‍යකරණයට එක්වුණේ කලා ලොවේ දැවැන්ත ගමනක් යාමට මුලපුරමින්. නාට්‍යකරණයට පිවිසිමත් සමග ‘සුදු කරල් නාට්‍ය’ නාට්‍ය උළෙලේදි හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍යයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. ස්වතන්ත‍්‍ර නාට්‍ය විස්සක පමණ තිර රචනය සහ නිෂ්පාදනය සිදුකරමින් කේ බී හේරත් මහතා තම හැකියාව මනාව පිළිබිඹු කළා. මායා දේවී”නාග ගුරුලා”දෝන කතිරිනා”දෙවෙනි මහින්ද” වාසුදේව”යසෝදරා”ජගන්මා” කළු කුමාරි”දොන් ජුවන්”සිරිබෝ තට්ටුව” දිවිය පේ‍්‍රමය වැනි නාට්‍ය මේ අතරින් කැපී පෙනුනා. වේදිකා නාට්‍ය වෙනුවෙන් සම්මාන පනහකටත් වඩා හිමිකර ගත් කේ බී හේරත් මහතා 2018 වසරේදි ලංකාවේ නාට්‍යකරුවකුට හිමි වන ඉහළම සම්මානය වන ‘නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලැබුවා. 1965 වසරේ සිට වසර කිහිපයක් ඉංග‍්‍රීසි සහ ඉතිහාසය ගුරුවරයෙක් ලෙස ද කටයුතු කළ ඒ මහතා පේරාදෙණිය, කොළඹ හා කැලණිය යන විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කරමින් සිසුන් විශාල පිරිසකට දැනුම ලබාදීමට කටයුතු කළේ ඒ වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින්. කේ බී හේරත් මහතා වෘතාන්ත ටෙලි නාට්‍ය තුන්සියයකට වැඩි සංඛ්‍යාවක පිටපත් රචනා කර තිබෙනවා. කේ බී හේරත් මහතා අභාවප්‍රාප්ත වනවිට 82 වන වියේ පසුවූ අතර ඔහු දියණියන් පස්දෙනෙකුගේ පියෙකු වනවා. දේහය හෙට පෙරවරුවේ සිට අනිද්දා දහවල් 02 තෙක් ජයරත්න මල්ශාලාවේ රෙස්පෙක්ට්හි තැන්පත් කිරීමට නියමිතයි. අවසන් කටයුතු එදින පස්වරු 2.30ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
The post ප්රවීණ නාට්යවේදී කේ බී හේරත් මහතාගේ අවසන් කටයුතු ලබන 01 වනදා appeared first on ITN News.