ඉන්දීය ව්යවසායකයින් පිරිසක් අගමැති හමුවෙයි
ඉන්දීය ව්යවසායකයින් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදීයි එම හමුව පැවැත්වුණේ.
මෙරට ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි ඉන්දීය ව්‍යවසායකයින් පිරිස මෙසේ අග්‍රාමාත්‍යවරයා හමුවුණේ. රාවනාඑලිය නුවරඑළිය සහ සීතා එළිය ඇතුළු රාමායනයේ සදහන් ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් හා වන්දනාකරුවන් සදහා පහසුකම් වැඩිදියුණු කරමින් ආයෝජන සිදුකිරීමට ඔවුන් මෙහිදී කැමැත්ත පලකලා. රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර හා අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ඉන්දීය ව්යවසායකයින් පිරිසක් අගමැති හමුවෙයි appeared first on ITN News.