නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතය ද සිදුවූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනෙක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සවු සහ වමත් සවු යන ශාසනික තනතුරු පිරිනැමීම ද නවම් පොහෝ දිනකදී සිදුව තිබෙනවා.
නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
The post නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි appeared first on ITN News.