තුර්කියේ වෙසෙන ශ්රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්නැයි තානාපතිනිය ඉල්ලයි
තුර්කියේ වෙසෙන ශ්රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක පවසනවා.
තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවයි තානාපතිවරිය පවසනවා.
තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් ව සිට ඇති බවත් භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඇය සඳහන් කළා.
මේ දක්වා තොරතුරක් නොලද කාන්තාවගේ දුරකථනය පමණක් හමු වී තිබෙන බව තානාපතිවරිය BBC සිංහල සේවයට පවසා තිබුණා.
ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.
00903124271032
00905344569498
තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනවලින් මිය ගිය පුද්ගලයන් ගණන 4300 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 15,000කට අධික වේ.
The post තුර්කියේ වෙසෙන ශ්රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්නැයි තානාපතිනිය ඉල්ලයි appeared first on ITN News.