ගංජා මිශ්ර මාවා අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිවල ප්‍රදේශයේ පාසල් ළමයින් හා උපකාරක පන්ති සදහා සහභාගී වන සිසුන් ඉලක්ක කර ගංජා මිශ්ර මාවා අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
දෙහිවල රණජය ප්‍රදේශයේ කළ වැටලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. පාසල් ළමයින්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා අඩංගු පැනි පුවක් හා දුම්කොල මිශ්‍රණයක් වන මාවා කිලෝ 13 යි ග්‍රෑම් 25 ක් සැකකරුවන්ලග තිබී සොයා ගත්තා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන්.
The post ගංජා මිශ්ර මාවා අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.