කොළඹ රාජකීය විද්යාලයෙන් ජනපතිට, අගමැතිට උපහාර
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනපතිට හා අගමැතිට එම විදුහලෙන් උපහාර පුද කෙරුණා.
සංවර්ධිත රටක් ගොඩනැගීමේ වැඩපිලිවෙලට එදිරිවාදීකම් අමතක කර එක්වන්නැයි ජනපති මෙහිදී සියලු දෙනාට ආරාධනා කර සිටියා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට උපහාර පිදීමේ උත්සවය එම දුහලේදී පැවැත්වුණා.
ඔවුන් දෙදෙනාම එකම පන්තියක අධ්‍යාපනය ලබා තිබීමද විශේෂත්නවයක් වනවා.විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතායි නායක දෙපල වෙත එම උපහාර තිළිණ පිලිගැන්වූයේ.
අධිෂ්ඨානශීලී බව සහ අභියෝග භාරගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස තමන් ලැබූ පන්නරය බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
රාජකීය විදුහල මේ වන විට ජනාධිපතිරුවන් දෙදෙනකු සහ අග්‍රාමාත්‍යවරුන් දෙදනෙකු රටට දායාද කර ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.
ආර්ථිකය ගොඩනගන අතරම ශ්‍රී ලංකාව ලොව පිලිගත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමේ දැඩි අධිෂ්ඨාන ඇතිව ජනාධිපති ධුරයේ වගකීම භාරගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
The post කොළඹ රාජකීය විද්යාලයෙන් ජනපතිට, අගමැතිට උපහාර appeared first on ITN News.