ශ්රී ලංකා ක්රිකට් සංචිතයේ ක්රීඩකයින් පුහුණු කටයුතු අවසන් කරයි
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් 18දින ආරම්භ කල පුහුණුවිම් කටයුතු 23 දින අවසන් කෙරෙයි.
දිඹුල ක්‍රිඩා සමාජය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති කර ගත් එකගතාවයක් මත නවසිලන්ත කාලගුණ තත්ත්වයට සමාන මුහුදු මට්ටමේ සිට අඩි 4200 ඉහලින් පිහිටි රදැල්ල ක්‍රිඩාංගණය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවිම් කටයුතු සදහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශාල මුදලක් වැය කර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ භාර නිලධාරි ගොඩ්ෆ්‍රි දාබරේරා මහතාගේ අධික්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කල බව රදැල්ල ක්‍රිඩා සමාජයේ ලේකම් සරත් රණවිර මහතා කියා සිටියේ.
(18) දින සිට මේ මස (23) දින දක්වා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම රදැල්ල ක්‍රිඩාංගණයේ පුහුණුවිම් කටයුතු වල නිරතව සිටිශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක නතර වි එම කාලය තුල පුහුණුවිම් කටයුතු වලට රදැල්ල ක්‍රිඩාංගණයට පැමිණියහ.
ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න , ඇන්ජිලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , නිරොෂන් දික්වැල්ල , කුසල් මෙන්ඩිස් , ධනංජය සිල්වා , චාමික කරුණාරත්න ඇතුළු ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් පුහුණුවිම් කටයුතු සිදු කෙරිණ.
රදැල්ල ක්‍රිඩාංගණයේ පුහුණු විම් සිදු කල ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් රදැල්ල ක්‍රිඩාංගණයේ පුහුණුවිම් කටයුතු සදහා හොද ක්‍රිඩාංගණයක් බවත්, නවසිලන්ත සංචාරයකට ප්‍රථම නවසිලන්තයේ සීතල කාලගුණයට සමාන කාලගුණයක තම පුහුණුවිම් කටයුතු සාර්ථකව සිදු කල බව පුහුණුවිම් කටයුතු වලට සහභාගි වු ක්‍රිඩකයන් රදැල්ල ක්‍රිඩාංගණය පාලනය කරන නිලධාරින් කියා සිටියේ.
The post ශ්රී ලංකා ක්රිකට් සංචිතයේ ක්රීඩකයින් පුහුණු කටයුතු අවසන් කරයි appeared first on ITN News.