නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13 ක් කොටුවෙයි
නීතී විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් දහතුන් දෙනෙකු සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මුහුදු කූඩැල්ලන් 789 ක පමණ තොගයක් සමඟ යාත්‍රා හතරක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් මන්නාරම සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.
එම පුද්ගලයින් පහලොස් දෙනා යාත්‍රා, මුහුදු කූඩැල්ලන්, ධීවර ආම්පන්න සහ විදුලි උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.
The post නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13 ක් කොටුවෙයි appeared first on ITN News.