ලෝක බැංකුවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 2.5 ක ආධාරයක්
ලෝක බැංකුවෙන් යුක්රේනයට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම පහක ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ලෝක බැංකුවෙන් තවත් ඩොලර් බිලියන 20 ක ට අධික ආධාර ලබා දෙන බවයි වාර්තා වන්නේ.
ලෝක බැංකුවෙන් යුක්රේනයට ලබාදෙන ආධාරවලට ඇමෙරිකා, බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු බටහිර රටවල්ද ජපානයද දායක වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර යුක්රේනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 15 ක ආධාරයක් බලාපොරොත්තු වන බවද වාර්තා වනවා.
The post ලෝක බැංකුවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 2.5 ක ආධාරයක් appeared first on ITN News.