How can Sri Lankan charities find international donors and partners?

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මාන 35ක් සඳහා ITN මාධ්ය ජාලය නිර්දේශ වෙයි

- itnnews.lk

රයිගම් ටෙලිස් 2022 සම්මාන උළෙල සදහා වන නිර්දේශයන් අතරින් වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති නිර්දේශ වුණා. මෙවර රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ සම්මාන 35ක් සදහා ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය නිර්දේශ වී තිබිම විශේෂත්වයක්.

ශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කාලවක් උදෙසා උරදෙන ශිල්පීන් සහ මාධ්‍ය ආයතනයන්හි දායකත්වය ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පැවැත්වෙන රයිගම් ටෙලිස් සම්මාන උළෙල සදහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීම ඊයේ සිදු කෙරුණා.

රයිගම් ටෙලිස් 2022 සම්මාන උළෙල සදහා නිර්දේශිත නාම උත්කර්ෂණය උත්සවය ප්‍රවීණ රංග ශිල්පින් වන සනත් ගුණතිලක ,ශ්‍රියන්ත මෙන්ඩිස් යන මහත්වරුන් සහ කින්ඩම් ඔෆ් රයිගම් හි සභාපති ආචාර්ය රවී ලියනගේ ඇතුළු සම්භාවනීය අමුතන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ බත්තරමුල්ල වොටර්ස් එජ් පරිශ්‍රයේදී. මෙවර නිර්දේශිත නාම අතර අයි ටී එන් මාධ්‍ය ජාලය සම්මාන 35ක් සදහා නිර්දේශ වී ඇති අතර ඒ අතුරින් අයි ටී එන් හි විකාශය වු නාට්‍ය 26ක්  සම්මාන සදහා නිර්දේශ වී තිබෙනවා.

රයිගම් ටෙලිස් 2022 සම්මාන උළෙල සදහා වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්තී විකාශය සදහා ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති නිර්දේශ වී තිබෙනවා. මෙවර වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා සිංහල සදහා ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ මධුනිකා කරපුටුගල නිර්දේශ වුණා.

ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ ශ්‍රිහාන් කණිෂ්ක ආරියසිංහ වසරේ විශ්ෂටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක සිංහල සදහා නිර්දේශ වී තිබෙනවා. වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක දමිළ සදහා වසන්තම් ටීවි ප්‍රවෘත්ති නිවේදක මොහොමඩ් හස්ලි නිර්දේශ වුණා.

වසරේ විශිෂ්ටම රූපවාහිනි සම්ප්‍රවේෂක සිංහල සදහා ඉන්ද්‍රසිරි සුරවීර මහතා ද නිර්දේශ වී තිබෙනවා. වසරේ විශිෂ්ටතම සගරාමය වැඩසටහන සදහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වු ගැජට් මේනියා වැඩසටහන වෙනුවෙන් ජනිත හේවාබටගේ නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සදහා අයි ටී එන් ස්මාට් මයින්ඩ් වැඩසටහන වෙනුවෙන් ලක්ෂමන් මත්තුමගල සහ ඩෙනිෂා හර්ෂනි විතාරණ නිර්දේශ වුණා.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන සදහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වු ෆන් ස්ට්‍රීට් වෙනුවෙන් හේෂාන් වසන්ත ඥානප්‍රිය නිර්දේශ වී තිබෙනවා. වසරේ විශිෂ්ටතම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන සදහා අයී ටී එන් ස්පෝට් වර්ලඩ් වැඩසටහන වෙනුවෙන් උදිත ධනංජය තේනුවර නිර්දේශ වුණා.

මෙවර රයිගම් ටෙලිස් සම්මාන උළෙල සදහා ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන අංශ කිහිපයක් සදහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වු ටෙලි නාට්‍ය රැසක් ද නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය සදහා මාණික්කාවත ටෙලි නාට්‍ය වනුවෙන් ෆාහීම් මවූජූඩ් නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් මාණික්කාවත සුදත් රෝහණ මහතා නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය සදහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වු ටෙලි නාට්‍ය 3ක් නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. මාණික්කාවත, පිච්චි ගේ චරිත නිරූපණය වෙනුවෙන් උමා අසේනී සහ එම ටෙලි නාට්‍යයේම ගුණාදරීගේ චරිතය වෙනුවෙන් වොල්ගා කල්පනී සහ අදුන්ගිර ටෙලි නාට්‍යයේ කොයින් මැණිකේ චරිත නිරූපණය කළ දමිතා අබේරත්න නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා සදහා මාණික්කාවත ටෙලි නාට්‍යයේ කොටිහාමි චරිතය නිරූපණය කළ ජගත් චමිල් නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය සදහා ද ස්වාධීන රූපවාහිනියේ විකාශය වු ටෙලි නාට්‍ය 3ක් නිර්දේශ වුණා.

අදුන්ගිර ටෙලි නාට්‍යයේ පද්මා ගේ චරිතය නිරූපණය වෙනුවෙන් නයෝමි තක්ෂිලා, ලෝකා ටෙලි නාට්‍යයේ නව්‍යා චරිතය වෙනුවෙන් මිෂෙල් දිල්හාරා සහ එම ටෙලි නාට්‍යයේම පුෂ්පා ගේ චරිතය නිරූපණය වෙනුවෙන් නිරෝෂා තලගල නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා සදහා මාණික්කාවත ටෙලි නාට්‍යයේ කොදුරු හාමි චරිතය නිරූපණය කළ මයුර පෙරේරා නිර්දේශ වුණා. වසරේ නැගී එන ටෙලි නට්‍ය නිළිය ලෙස ලෝකා ටෙලි නාට්‍යයේ ප්‍රසාදීගේ චරිතය නිරූපණය වෙනුවෙන් නිවර්තනා මධුවන්ති නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාවට හිමි සම්මානය සදහා මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගලමුල තිබේ නිමාව ගීත ගායන වෙනුවෙන් අභිෂේකා විමලවීර සහ එම ගීතය ගායනයට එක්වු රනිල් මුදුන්කොටුව වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා සදහා නිර්දේශ වි තිබෙනවා.

මේ අතර පිව්ච මල සුවදයි ටෙලි නාට්‍යයේ සෙත්කවිය සේ ගීතය ගායනා කළ ශෂිකා නිසංසලා ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකව සදහා නිර්දේශ වී ඇති අතර එම ගිතය ගායනයට එක්වු දුමාල් වර්ණකුල වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා සදහා නිර්දේශ වී තිබෙනවා.

එම ගීතය රචනය වෙනුවෙන් වසන්ත කුමාර කොබවක වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය වෙනුවෙන් නිර්දේශ වුණා. එමෙන්ම ස්වාධීන රූපවාහිනියේ විකාශ වු විදුරු මල් ටෙලි නාට්‍යයේ හිතේ දුරින් ඔබ රදනා ගීතය රචනය වෙනුවෙන් තුෂානි බුළුමුල්ල නිර්දේශ වුණා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සදහා අදුන්ගිර වෙනුවෙන් සතිස් සුරේන්ද්‍ර ඒකනායක සහ මෙට්රෝ සිහින නාට්‍ය වෙනුවෙන් සාදර බණ්ඩාර නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය සදහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වු දේවී වෙනුවෙන් ප්‍රභාත් දුශ්‍යන්ත නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම  ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය සදහා මාණික්කාවත වෙනුවෙන් අසංග සත්සර හේරත් නිර්දේශ වුණා.

එම ටෙලි නාට්‍ය වෙනුවෙන්ම තුසිත අනුරාධ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් මාණික්කාවත ටෙලි නට්‍ය සදහා පියතිස්ස අකුරම්බොඩ සහ අදුන්ගිර ටෙලි නාට්‍ය සදහා හසින්ත වැල්ලවාය නිර්දේශ වුණා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය සදහා මාණික්කාවත ටෙලි නාට්‍ය වෙනුවෙන් නාරද තොටගමුව සහ අදුන්ගිර ටෙලි නාට්‍ය වෙනුවෙන් ප්‍රියන්ත එස් වන්නිනායක නිර්දේශ වුණා.

 

 

 

 

The post රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මාන 35ක් සඳහා ITN මාධ්ය ජාලය නිර්දේශ වෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 27 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas from Galle to Hambantota via Matara during the morning […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc