ඉරානයේ පාසල් ශිෂ්යාවන් රෝගාතුර වීම ගැන විශේෂ විමර්ශනයක්
ඉරානයේ පාසල් ශිෂ්‍යාවන් විෂ දුම් ආඝ්‍රහනය වීමෙන් රෝගාතුර වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා පාසල් සිසුවියන් හත්සිය දෙනෙකු පමණ විෂ දුම් ආඝ්‍රහනය වීමෙන් රෝගාතුරව ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. කෙසේ වුවද කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ශ්වසන ආබාධ, ඔක්කාරය, කැරකැවිල්ල හා තෙහෙට්ටුව වැනි රෝගාබාධවලින් ඔවුන් පෙළෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කාන්තා පාසල් වසා දැමීමේ අරමුණින් මෙවැනි ක්‍රියා සිදුවන්නේද යන්න පිළිබඳව විමර්ශනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඉරාන රජයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක අතර රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියා සිදු කිරීමේ හැකියාවක් පවතින බවටයි රජය චෝදනා කරන්නේ.
The post ඉරානයේ පාසල් ශිෂ්යාවන් රෝගාතුර වීම ගැන විශේෂ විමර්ශනයක් appeared first on ITN News.