ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර ප්රාදේශීය මට්ටමෙන්
ප්‍රාදේශීය මට්ටමෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර ආරම්භ කෙරෙනවා. ආයුර්වේද නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුමට අවශ්‍ය සැපයුම සිදු කිරීම මෙහි අරමුණක්.
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් ඌරාපොල නිදහස් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයට සමගාමීව ඖෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කළා.
මෙය ප්‍රාදේශීය සභාවක් මගින් ආරම්භ කළ ප්‍රථම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රාදේශීය සභාව යටතේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක වනවා.
ඒවාට අවශ්‍ය ඖෂධ සැපයීම මෙන්ම ඕනෑම මිලදී ගැනීම සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීම මෙහිදී සිදු වනවා. මේ වන විටත් ඉතා සාර්ථකව ඖෂධ නිෂ්පාදනය සිදු වන අතර ඒ හරහා රජයට විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී ඇති බවත් අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පවසනවා.
The post ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර ප්රාදේශීය මට්ටමෙන් appeared first on ITN News.