ඉතිහාසයේ පළමු වරට 2400 ක පිරිසක් එකවර දුම්රිය සේවයට බඳවා ගැනේ
ඉතිහාසයේ පළමු වරට 2400 ක පිරිසක් එකවර දුම්රිය සේවයට බඳවා ගැනුණා.
දුම්රිය කාර්ය සහායක තනතුර සඳහා බදවා ගත් බහුකාර්ය කාර්ය සාධක බළකායේ සුදුසුකම්ලාභීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි සිදු කෙරුණේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර රජයේ බහුකාර්ය සංවර්ධන බළකායේ පුහුණුව ලැබූ පිරිසකට ස්ථිර පත්වීම් ලබා දී දුම්රිය සේවයට එක්කර ගැනුණා.
The post ඉතිහාසයේ පළමු වරට 2400 ක පිරිසක් එකවර දුම්රිය සේවයට බඳවා ගැනේ appeared first on ITN News.