අතිකාල දීමනා නොගෙව්වාට , මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පිරිසක් රාජකාරි වලින් ඉවත්වෙයි
නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෛනික රාජකාරි කටයුතු වලින් ඉවත් වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.බාස්කරන් මහතා පවසනවා.
ඔවුන් මේ වන විට රාජකාරී කටයුතු ඉවත් වී සතියක පමණ කාලයක් ගත වී ඇති බවයි ඔහු කියා සිටියේ
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වීමත් සමග නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට සතියකට වරක් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය
කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිව්දෙනෙකු රාජකාරියේ යොදවන බවත්, එම නිලධාරින්ට ගෙවිය යුතු අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීමත් සමග නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රාජකාරි කටයුතු වලින් ඉවත් වි සිටින බවයි එස්.බාස්කරන් මහතා කියා සිටියේ.
එම මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සතියක කාලයක් එම කාර්යාලයේම රැඳී සිටිමින් දිවා රාත්‍රි දෙකේම රාජකාරි කරන බවත්,එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට දිනකට අවම වශයෙන් රු 1500/= පමණ මුදලක් ආහාර පාන ලබා ගැනීම සඳහා වැය වන බවත්, අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැටුපෙන් එම මුදල දරාගත නොහැකි වීමත් යන කරුණු හේතුවෙන් ඔවුන් රාජකාරි කටයුතු වලින් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.
අතිකාල දීමනා ලබා දෙන තුරු යළි රාජකාරී කටයුතු නොකරන බවද එම නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
The post අතිකාල දීමනා නොගෙව්වාට , මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පිරිසක් රාජකාරි වලින් ඉවත්වෙයි appeared first on ITN News.