ගුවන් තොටේදී හරවා යැවූ මන්ත්රී මහින්දානන්දට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කණගාටුව ප්රකාශ කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදෙස්ගතවීම සඳහා පසුගිය දහවැනිදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු විදෙස්ගතවීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට ඔවුන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කර තිබෙනවා.
දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙවැනි වැර දීමක් සිදුව ඇති බවත් මෙම සිද්ධිය හා සම්බන්ධ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
The post ගුවන් තොටේදී හරවා යැවූ මන්ත්රී මහින්දානන්දට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කණගාටුව ප්රකාශ කරයි appeared first on ITN News.