නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 08 ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) සමග කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් 814 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඊයේ ( 13 ) අළුයම් කාලයේදී වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත පී 155 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා මන්නාරම, සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
එමෙන්ම මාර්තු මස 13 වන දින අළුයම් කාලයේදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයේ වංකාලේ නාවික අනුඛණ්ඩය මඟින් මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 234 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 54 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ වංකාලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන්
The post නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 08 ක් අත්අඩංගුවට appeared first on ITN News.