ජාවාරම් රැසකට සම්බන්ධ කාන්තාවක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනී
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.03.15 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 44/17, ජුබිලි මාවත, මට්ටක්කුලිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් ,හෙරෝයින් ,කේරළ ගංජා යන තුනම අලෙවි කල කාන්තාවක් අයිස් ග්‍රෑම් 55, මි.ග්‍රෑ. 440 ක්, හෙරොයින් ග්‍රෑම් 36, මි.ග්‍රෑ. 770 ක්, සහ කේරළ ගංජා ග්‍රෑම් 80, මි.ග්‍රෑ. 610 ක් සහ ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 189,600 ක්, ජංගම දුරකතන 05 ක්, ඩිජිටල් තරාදි 02 ක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිරිම සඳහා යොදාගත් උපකරන සන්තකයේ තබාගෙන සිටි දීර්ඝ කලෙක පටන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකල මට්ටක්කුලිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවු. 42 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
The post ජාවාරම් රැසකට සම්බන්ධ කාන්තාවක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනී appeared first on ITN News.