වැඩි කිරි ප්රමාණයක් ලබා ගත හැකි ගවයින් අප රටට ලබා දීමට ඉන්දීය රජයේ එකඟතාවය

- itnnews.lk

පසුගිය වසරේ සිට බිඳ වැටී තිබෙන මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

අවස්ථා කිහිපයක දී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ද මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ

මෙම වැඩ පිළිවෙළ යටතේ පසුගිය 16 දින සිට අද දින (19) දක්වා ඉන්දියාවේ නවදිල්ලිහි දී පෑවත්වෙන The First Global Conference on International year of Millet සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වී තිබෙනවා.

එහි දී ඉන්දියාවේ ප්‍රමුඛ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Mother Dairy කර්මාන්ත ශාලාව අමාත්‍යවරයා විසින් ඊයේ නිරීක්ෂණය කරනු ලැබූ බව සඳහන්

දිනකට කිරි ලීටර් ලක්ෂ 50ක් පමණ මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිතා කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ..

නැවුම් එළකිරි ඉන්දීය මහජනතාවට ලබා දීම සඳහා බයිසිකල් ආශ්‍රිතව නිපදවන ලද ජංගම වෙළෙද රථ යොදා ගනිමින් ඒවා මහජනතාවට අලෙවි කිරීම සිදු කරන බවද සඳහන්.

එමෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන 300කට වඩා පාරිභෝගික ජනතාවට එම සමාගම විසින් නිපදවනු ලබයි.

මෙම කර්මාන්ත ශාලාව විසින් ඔවුන්ට අවශ්‍ය කිරි ලබා ගැනීම සදහා පශු සම්පත් පාලනය සඳහා ගොවිපොළ පවා පවත්වාගෙන යනු ලබනවා

ඉන්දීය පශු සම්පත් ගොවිපොළවල දැනට භාවිතා කරන ඉහළ තාක්ෂණය මෙන්ම දැනට අපේ රටේ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂ නොමැතිවීම නිසා උසස් වර්ගයේ ගවයින් අප රටට ලබා දීමට ද ඉන්දීය රජය ඒකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා

පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටීම හේතුවෙන් අප රට තුළ කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය සියයට 19කින් පමණ පහත වැවුණා.

විශේෂයෙන් 2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමග සත්ව ආහාර නිෂ්පාදනය පහත වැටුණා.

විශේෂයෙන් මෙරට වාර්ෂික බඩඉරිඟු අස්වැන්න 2021 මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහත වැටුණු බවද සඳහන්.

ඒ හේතුවෙන් සත්ව ආහාර හිඟයක් ඇති වූ අතර බඩඉරිඟු ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් හිඟකම ද බලපා තිබෙනවා.

නමුත් 2022 වර්ෂය අවසාන වන විට මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 180,000ක් ආනයනය කරනු ලැබුවා

මේ නිසා ඉන්දීය රජයේ සහයෝගීතාවය මත එරට පශු පාලනය සඳහා යොදා ගන්නා උසස් තාක්ෂණය මෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවදෙනුන් මෙරටට ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා

එමෙන්ම මෙරට රජයට අයත් සත්ව ගොවිපොළ කිහිපයක් ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතාවය මත පවත්වාගෙන යාමට ද අවධානය යොමු කර තිබෙනවා.

The post වැඩි කිරි ප්රමාණයක් ලබා ගත හැකි ගවයින් අප රටට ලබා දීමට ඉන්දීය රජයේ එකඟතාවය appeared first on ITN News.

You may also like

- news.lk

President Ranil Wickremesinghe congratulated the BJP led NDA for their electoral victory.

- news.lk

The Meteorology Department says several spells of showers will occur in Western, Sabaragamuwa, Central, Southern and North-western provinces.

- adaderana.lk

The Irrigation Department reported that the dangerous situation in the Kelani River, Kalu River, and Attanagalu Oya is gradually dissipating as the water levels are dropping.

- island.lk

Indian Prime Minister Narendra Modi has claimed a historic third win in a row in the country’s parliamentary elections, but his ruling alliance appears to have failed to win a large majority as predicted.  He thanked voters and said he would continue the “good work” of the last decade. Modi’s BJP-led alliance is leading in […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 05 June 2024 by the Department of Meteorology Several spells of showers will occur in Western, Sabaragamuwa, Central, Southern and North-western provinces while showers or thundershowers  may occur at a few places elsewhere of the island in the evening or night. Winds will be south-westerly and wind speed […]

- onlanka.com

Three individuals, including the parents of a young child, have been arrested following a viral video that showed the brutal assault of the 4-year-old.The post Three persons arrested in Pulmoddai for brutal assault on 4-year-old child following viral video appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc