අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ සහල් ලබාදීමේ වැඩපිළිවෙළ දිවයිනම ආවරණය වන පරිදි
අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ සහල් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.
එහි එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේදී ක්‍රියාවට නැංවුණා.
වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ රජයේ වැඩසටහන යටතේ පසුගිය වකවානුවේ සැළකිය යුතු වී තොගයක් මිලදි ගනු ලැබුවා.
එසේ මිලදී ගත් වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ ලබාදීම මේ වන විට සිදු වනවා.
එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 ක තෝරාගත් පවුල් 3225 කට ප්‍රථම අදියර යටතේ සහල් බෙදාදීම සිදුවනවා.
එහි සමාරම්භය සිදුවුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති එම වැඩසටහනේදී අඩුආදායම්ලාභී පවුලු 280 ක් සඳහා සහල් ප්‍රදානය කෙරුණා.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච් එම් එස් පී හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ සහල් ලබාදීමේ වැඩපිළිවෙළ දිවයිනම ආවරණය වන පරිදි appeared first on ITN News.