ආහාර ද්රව්ය ප්රවාහනය කරන රථ වාහන විශේෂ පරීක්ෂාවකට
සැමට සුව ගුණ ආහාර තේමාව යටතේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා.
ආහාර ද්රව්ය ප්රවාහනය කරන රථ වාහන පරීක්ෂා කිරිමයි මේ යටතේ සිදු කෙරුණේ.
දිවයින පුරා ආහාර ද්රව්ය ප්‍රවාහනය කිරීම වෑන් රථ සහ ලොරි රථ ආදීය මගින් සිදු කරනවා.
මෙම ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් කර තිබේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරිමේ වැඩසටහනක් හෝමාගම දී පැවැත්වුනේ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේයි.
මස් , මාළු , කිරි ආහාර ආදී විවිධ ආහාර ද්‍රව්‍ය රැගත් වාහන මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණා.
The post ආහාර ද්රව්ය ප්රවාහනය කරන රථ වාහන විශේෂ පරීක්ෂාවකට appeared first on ITN News.