ශ්රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ් හි දී ආරම්භ වූ පළමු T20 තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවුණා
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය යැවීම මහීෂ් තීක්ෂණ විසින් සිදු කළා.
එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණයි
ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා
ඒ අනුව මෙම නවසීලන්ත සංචාරයේදී සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා.
The post ශ්රී ලංකාවට සුපිරි ජයක් appeared first on ITN News.