තෙල් මිල ඉහළ යාමේ අවදානමක්
ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සමගම තෙල් මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.
ලෝකයේ ප්‍රධානතම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල එකතුවෙන් පිහිටුවා ගත් ඔපෙක් සංවිධානය ලොව සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් 40% ක් සපුරනවා.
ඔපෙක් සංවිධානය ඊයේ නිවේදනය කලේ ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස තම සංවිධානයට අයත් රටවල තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තීරණය කළ බවයි.
මෙම කප්පාදු කිරීම දිනකට තෙල් බැරල් මිලියනය ඉක්මවා යන බව ද ඔපෙක් සංවිධානය සදහන් කළා.
ඒ අනුව සවුදි අරාබිය තම බොරතෙල් නිෂ්පාදනයෙන් දිනකට බැරල් මිලියන ලක්ෂ 5ක් ද / ඉරාකය බැරල් දෙලක්ෂ එකොලොස් දහසක් ද / එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය බැරල් එක්ලක්ෂ හතලිස් හතරදහසක් ද / කුවේටය බැරල් එක්ලක්ෂ විසිඅටදහසක් වශයෙන් කප්පාදු කරනු ඇති.
එමෙන්ම කසකස්තානය බොරතෙල් බැරල් 78000ක් ද / ඇල්ජිරියාව බැරල් 48000ක් ද / ඕමානය බැරල් 40000ක් ද වශයෙන් තම නිෂ්පාදනය කප්පාදු කිරීමටයි තීරණ කර ඇත්තේ.
මෙම කප්පාදුවෙන් පසුව ලෝක වෙළදපොලේ බ්‍රේන්ට් බොරතලේ බැරලයක මිල ඩොලර් 5යි දශම 1යි හයකින් ඉහළ ගියා.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම තෙල් නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කර තිබෙනවා.
රුසියාව ද තම ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය යුද්ධය හේතුවෙන් කප්පාදු කර ඇති අතර ඔපෙක් සංවිධානයේ මෙම තීරණය හේතුවෙන් ඉදිරියේ දී ඉන්ධන මිල ඉහළ යාම නොවැළැක්විය හැකි බවයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය තුළ ඉන්ධන ආනයනය කරන දියුණුවෙමින් පවතින සහ ආර්ථික අර්බුදවල සිටින රටවල් පීඩාවට පත්වනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
The post තෙල් මිල ඉහළ යාමේ අවදානමක් appeared first on ITN News.