මහ සිකුරාදා දිනය අදයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි.
මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුනු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබෙනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්‍රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්‍රයානන් අනුස්මරණය කරමින්.
කිතුනු ජන වන්දනා ලිතෙහි සුවිශේෂී දිනයක් ලෙස මහ සිකුරාදා දිනය හැදින්වෙන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්තානයවීම සිහිගන්වන පාස්කු ඉරිදාව ලබන 09 වනදාට යෙදී තිබෙනවා.
ලොව පුරා කිතුනු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා දිනය සැමරීමට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.
මේ අතර පාස්කු සතිය තුළ කිතුණු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.
The post මහ සිකුරාදා දිනය අදයි appeared first on ITN News.