ඊශ්රායලයෙන් සිරියාවට රොකට් ප්රහාර
ඊශ්‍රායලය සිරියාව වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායලය වෙත සිරියාව දෙසින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ලවීමෙන් අනතුරුව ඊට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය මෙම රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
සිරියාව එල්ල කළ රොකට් ප්‍රහාර නිසා ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති අතර ජීවිත හානි වාර්තාවී නැහැ.
සිරියා රජය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම භාරගෙන නොමැති අතර සිරියාවේ ක්‍රියාත්මක පලස්තීන ජිහාඩ් කණ්ඩායමක් විසින් ඊශ්‍රායලය වෙත මෙම ප්‍රහාර එල්ල කළ බව විදෙස් පුවත් වාර්තා කරනවා.
The post ඊශ්රායලයෙන් සිරියාවට රොකට් ප්රහාර appeared first on ITN News.