අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන්ට අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක්
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන්ට අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව උදාකරදී තිබෙනවා.
අප්‍රේල් 14 හා 15 යන දෙදින තුළ මෙම අවස්ථාව සළසා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම දිනවල සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් එක් අයෙකුට ප්‍රමාණවත් වන ආහාර පාර්සලයක් හා රසකැවිලි රැගෙනවිත් භාරදීමට අවශ්‍ය වන පහසුකම් සෑම බන්ධනාගාරයක් තුළදීම සළසා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
බන්ධනාගාර තුළදී සිරකරුවන් සහ සැකකරුවන් සඳහා අවුරුදු චාරිත්‍ර සිදුකරනු ලබන අතර සියලු රැඳවියන්ට කිරිබත් ලබාදීමටත් හිසතෙල් ගෑමේ මංගල්‍යයද චාරිත්‍රානුකූලව ඉටුකිරීමටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා.
රැඳවූවන් වෙනුවෙන් ජන ක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සවයක් මෙන්ම සංගීත වැඩසටහන් සංවිධාන කර ඇති අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් ද පැවැත්වෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
The post අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන්ට අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක් appeared first on ITN News.