එක්ස්ප්රස් පර්ල් ගැන අපේ රටේ නඩු අහන්න – සජබ ඉල්ලයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධිය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක නඩු කටයුත්ත සිදුනොකිරීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණීල්ලක් භාරදුන්නා.
මෙරට දී එම නඩු කටයුත්ත සිදුනොකිරීම සහ මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්ව පිළිබද අවධානය යොමු නොකිරීම පිළිබද සොයා බලන ලෙසයි එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන්නේ.
තුෂාර ඉදුනිල් , කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුවන් මෙම පැමිණිල්ල භාරදීමට එක්ව සිටියා.
The post එක්ස්ප්රස් පර්ල් ගැන අපේ රටේ නඩු අහන්න – සජබ ඉල්ලයි appeared first on ITN News.