ජාත්යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් වසා දමයි
සබරගමුව පළාතේ පිහිටි එකම ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය වසා දමා තිබෙනවා.
ඒ හේතුවෙන් බොහෝ පිරිසකට ගැටලු පැනනැගී ඇති බවයි ජනතාව පවසන්නේ.
රත්නපුර නව නගර ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකර ඇති මෙම ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය පසුගිය මාර්තු පළමුවනදා සිට හදිසියේ වසා දමා තිබෙනවා.
ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත පිහිනුම් තටාකයේ සියලු කටයුතු ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයට පවරා ඇති බව දැක්වෙන දැන්වීමක්ද ප්‍රදර්ශනය කර තිබෙනවා.
පිහිනුම් තටාකය වසා දමා තිබීම හේතුවෙන් පුහුණුවීම් කටයුතු සිදුකරන පාසල් සිසුන් 500 කට අධික පිරිසක් අසීරු තත්ත්වයකටයි මුහුණ දී සිටින්නේ.
රුපියල් කෝටි ගණනක් වැය කර ඉදිකළ මෙම පිහිනුම් තටාකය වහා විවෘත කිරීමට කටයුතු කරන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.
The post ජාත්යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් වසා දමයි appeared first on ITN News.