යාපනයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කොඩිකාමම් සිට පේදුරුතුඩුව දෙසට ධාවනය කරමින් තිබූ පොලිස් නිලධාරියා ගමන් කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවුණා.
යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියා එම ස්ථානයේදීම මියගියා.
යතුරුපැදියේ පසුපස ආසනයේ පැමිණි තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කෙරුණා.
මෙසේ මියගොස් ඇත්තේ කිලිනොච්චි පොලීසියේ සේවය කළ චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්.
The post යාපනයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.