වැලි ජාවාරමේ නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට
වාකරේ කදිරවේලි රක්ෂිතයේ අනවසරෙන් වැලි ජාවාරමේ නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
වාකරේ කදිරවේලී රක්ෂිතයේ දිගු කලක පටන් සිදුකර ගෙන යන වැලි ජාවාරමක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වෙත තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව පොලිසිය සිදුකළ මෙහෙයුමේ දී වන්නි, කිරිමිච්චිආරු ප්‍රදේශයේ දී ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් වාලච්චේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 , 24 , 31 ,32 යන වයස්වල පසුවන්නන්.
සැකකරුවන් සමග වැලි පිරවු ටැක්ටර් රථ 4ක් සහ වැලි පැටවීමට භාවිත කරන රථයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාකරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.
The post වැලි ජාවාරමේ නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.